සිතිවිලි අහුවරක්
ගුලි කර වෙර දා
විසි කලෙමි ඈතක
වැටුනි ඒ දෙපා ළගම
මෙතරම්ම බරද සිතිවිලි…
වෙහෙසින් යදම් ලූ පා
පියවර මනිමින්
ආ මê පදලස
පැහැ කල සිත්තම්....
පිටු තිස් හයක්ම ගැලවුනුදු
මා නුදුටු ඈ
අද මා දුටිමි
ඇහි පිල්ලමක් යට
වෙහෙස් බරව
එල්ලී හිදි අනු….
අව පැහැ වත
වාරු නැති අත
මහ මෙරකි දිගැසිය
ඇකයේ හොවා සිටිනු වස්….
වදන් නෑ තුති
නුඹ පසක් කර
ඒ සිතුවමට
දැක ඇති මුත් එතරම්
ඒ ගුණ කව් ගී….
No comments:
Post a Comment