Tuesday, September 27, 2011

For Sale...


හැට පන්
දහසක
බිම් කඩක
වෙන්කර
බැ වැට
මායිම්
අගයදී
           ස්
ගොඩකට
වෙන්දේසියකි
වටිනා
කඩදහිම
කොළ
මිටි
ගොඩක

Sunday, September 25, 2011

වාරු නෑ…


















අවුලලා ලිපගිනි
නලවලා දරු මුනුපුරු
හිම ගෙදරට බුදුන්ව
හති වැටී ඇත කප්පරක්ම

මසකට වරක් ලැබූ වංගියෙන්
ගෑටුවා දකිනට ගමේ බුදුරුව
සාදු සාදු කී දොහොත් මුදුන් දී
නැමදුවෙමි තෙරුවන් වියපත් සමුවක

රැකුවත් හැමවිට සිල්වත
ඕපාදූපයට යටිහිත
දකිනවිට නාඹර ගැටිස්සිය
සිහිවේ මගේ සමයම...

හෙම්බත්ව නැගි ගල්පඩි
අයාසයකින් දුටිමි දෙවතා කොටු හිස
තැබුමට දිවි තිත අවසර
වාරු නෑ මට රුවන් සෑ පාමුල

Saturday, September 24, 2011

බලාඉමි...


මංදිග දෙනෙත් තැබූ
මතක සිත්තම
යදී දකිනට
සිලිටු සියපත්සිය
ඉන්ද්‍ර ඛීලයක්

බැසගිය ස
අහිමි මඩලක්
පරවුනු මලක
රොනේ රසයක්
රැගෙන එනතුරු
මග බලාඉමි
මාරුතය මගහැර
බොළපවනක්


Sunday, September 18, 2011

මානම…


මෙරු රැළ පොර බැ
ඇසිල්ලක උන් නොදත්
ප්‍රාණය
විඳී ආලෝක රශ්මිය
සැහැසිව එකා පිටුපස

නිසල තලයක  දිය බි
බර රැඳි පියාපත
අකර්මණ්‍ය සුසුමට
මානමින් බිත්ති දිග
කේඨය හලා හූනු රැළ