Sunday, September 25, 2011

වාරු නෑ…


















අවුලලා ලිපගිනි
නලවලා දරු මුනුපුරු
හිම ගෙදරට බුදුන්ව
හති වැටී ඇත කප්පරක්ම

මසකට වරක් ලැබූ වංගියෙන්
ගෑටුවා දකිනට ගමේ බුදුරුව
සාදු සාදු කී දොහොත් මුදුන් දී
නැමදුවෙමි තෙරුවන් වියපත් සමුවක

රැකුවත් හැමවිට සිල්වත
ඕපාදූපයට යටිහිත
දකිනවිට නාඹර ගැටිස්සිය
සිහිවේ මගේ සමයම...

හෙම්බත්ව නැගි ගල්පඩි
අයාසයකින් දුටිමි දෙවතා කොටු හිස
තැබුමට දිවි තිත අවසර
වාරු නෑ මට රුවන් සෑ පාමුල

2 comments: