Wednesday, February 23, 2011

පමාව...

හොවා ඇකයේ නේත්‍රාවන් උරුමය ඉදිරි පරපුරක
නොහැකිව පොවන්නට ජීවයක් දෙවන බිසවක
සොයා පිය ගලපන ඇය ඇවැස්ස සරණක

මායිමක් නොපෙනී තුරු වදුලක
කණාමැදිරි දිලි බර අඳුරක
රැහැයි න දෙන දිගු නිහැඩියාවක

දෝංකාරය ඈත කඳුශිඛරයම
සුනු විසුණු නෑසිය අඳෝනාවම
සිහිවී අතීත මුළු වින්නැහියම
වැලපි වැලපී ඇගෙ හෘදසාක්ෂියම.....

නොම මෙබවක් දත් ඔහු සිත් නොදී නව සරණයට
ආපසු හීසැරෙන් සොයා දූ දරු බිරි සෙනෙහස

එයයි දිවියේ ගමන දිගුම
අගුල් වැටී හෝරා කදම්භයම
කටු අනී වෙනදා සුව දෝලාවම

සැනින් වන් ඇතුල් ගැබයට
නිවී විලක්කු  දුම් නගා හතර අත

සයනෙහි ඇගෙ මිණි මෙවුල්දම
සිහිවිය පළමුම ඒ ආදර සැමරුම
වැතිරී හැමතැන දූ දරු සළුපිළි
තවත් හමා එයි ඉන් සුවකිරි.....


විජය රජතුමා තම ඇමතිවරුන්ගේ බසට රැවටී, තම ආර්ය්‍ය රාජ්‍යය ලක් භූමියේ ස්ථාපනයට තම රටින් ගෙනා ආ කුමාරිකාව බැහැ දකින්නට, කුවේණියට රහසින්, මාතොටට ගිය බව කුවේණියට සැලවී ඇය තම දරු දෙදෙනා සමග මාළිගාවෙන් පලා යන අතර....විජය රජතුමා නව බිසවට අකමැත්ත නිසා නැවතත් රජ මාළිගාවට පැමිණේ....
(රූපා ශ්‍රියාණි ඒකනායක මහත්මියගේ "විජයයි කුවේණියයි" නව කථාව අසුරිනි ගලපන ලදි)

Monday, February 21, 2011

වින්නැහියක්...

වැලපෙයි හයා
සොයා කිරි රහකට
තන බුරුල්ලක්

විවේකෙන් කඹය
අහිමිව බැඳි
කර පටියක්

දෙනෙත් අයා
තළු මැරුමට සැරසී
තණ පිඩැල්ලක්

කොක්කෙන් ඉසිලී
ලෙයින් දිලිසී
ගාත් අණ්ඩක්

Wednesday, February 16, 2011

බෝඩර් ප්‍රේමය...










තල් ගස්
කුලප්පු කතරක
කැලෑ මකුණු හූයෙන්
කූපය කුපිත...

ගිනි මූනිස්සම්
කුණාටුවක
දිලෙන රැයක
රුධිර රත් නෙත...

සිතට
මෙළෙකක් වූ
නුඹේ ප්‍රේමය...

දෑත් වීරියෙන්
රෝද පට්ටමකින්
පා සලකුණු අයදින මා...

විසිකර
ආවෙමි
බෝඩරයෙන් එහා....

Sunday, February 13, 2011

සිකුරිටි සිතිවිල්ල...

ලොවක් සැරසිලා සොයයි සුව නින්දක්
මදුරුවෙක් තටුසලා උරයි ලේ බින්දක්... 

හඳ පානේ හීතලක් මට එපා කුරිරුයි
තරු රෑනේ ඔරායන් මට තලා පෙලවයි...

සියුම්මත් ඇහිපිල්ල දෙනෙතට බරක්
මදක්වත් සැනසිල්ල උදාවන ඉරක්...

සුල්තාන් විනිමය...

කරගැට දෑතක
දහදිය කතරක
සුල්තාන් විනිමය
අප හෙළ දීපයට...

උණුහුමට
ගිලිහුන
ඉකිගසා
දරු පඩිපෙළ...

සින්නවන කාසිය
සොපීගේ මත් උගුරට
විනීගේ තුරඟ කොමිසමට...

කම් නැත
අත්තිවාරම
වේ හුඹසට
සුල්තාන් විනිමය
අප හෙළ දීපයට... 

(නො)ලැබීම...

කපුටෙකු
පතයි
ලැබීම
කොවුල් නඳ...
ලොවක් වශි දැහැනට
ගී ගයා
ඉගිල්ලෙන්න...

කොවුලෙකු
තැවෙයි
නොලැබීම
කපුටු නඳ...
ඇස්වසා නිදැල්ලේ
බිජු දමා
ඉගිල්ලෙන්න...

Saturday, February 12, 2011

පනිට්ටුව විවේකෙන්...

වෑස්සේ
සැනින්
ජල බිඳක්
කරාමෙන්...

ඉසිලූ
ජල කඳන්
විදුලි
ඇන්මෙන්...

පනිට්ටුව
බැමේ ළිං
විවේක
සුවෙන්...

හිරි අරියි
දෙඅතේ
සරඹ හලක
යකඩ කඳන්...

Friday, February 11, 2011

දහම මාකට්...

අඹතලා ගිරි
මුදුනින්
එබෙන ස
හීතල හුළ
රහස හැංගූ
කෑලි කැපූ
ගොම්මන්
මුර පදයෙන්
බිඳී යන...

වසරට
එක් වරක්
ඒ ගැන
සිහිකරන
මිහිඳු දූ
ගෙනවැඩි
දහම
අද
මාකට් වන...

Thursday, February 10, 2011

උ.පෙ. ටියුෂන් රස්තියාදුව..

සිප්නා බම්බා
තුනට රොක් වෙන
වෙරළ මුල
ගල් වැටියේ
මධුවිත හිස්වෙන...

ඔරියන්ටල් ගම්පහ
මැද වෙල් යාය
රේල්පීලි
හෙන දුම් උගුර...

සක්යා
හන්දියෙ කොහුවල
සයිවර් ප්ලේන්ටිය
තව රහද?...

සැකය...

පරිණාමයේ
එක්ම පුරුකක
දහස් කල්ප
පෙර පසු  
විශ්වයේ
එක්ම කොනක
පස් යගුලියක
හැඩයක් සොයා
දතකන
නුඹේ කුලකයට
පුරසාරම්
දොඩනා මාත්
මමත්වය පසෙක ලා
හෘද සාක්ෂිය කොනක ලා
කප්පරක් සුසුම්
හෙලමින්
නිහවම
ඇතුල් වේවිද?...

වීනස්ගේ පෙම්කෙළිය...

වීනස්
නුඹ
ආඩම්බරෙන්
හඳට
ළංවෙවී වෙන්වෙවී
අර අදින්නේ
පෙම්කෙළියකටනම්
පවසන්න නොසඟවා
හඳේ ඉන්නා කියනා
ඔය හවාට
නුඹ
ඉරබටු හෝ පහන්
තරුවක්
නොවන වග...

නැතිනම්
නුඹට
නම දුන්
ඒ ආදර රුසිරු
රෝමන් දෙවඟනගේ
භූත ආත්මය
සැරිසරා
විශ්ව අවකාශයේ
ආලෝක වර්ෂ
දුර ගෙවා විත්
නුඹට
ශාප කරනු නිසැකය... 

10.02.11

Wednesday, February 9, 2011

ඔටු පොව්වාගේ කුතුහලය...

නලියන
හිත යට
කුතුහලයකි
ඔටු පොව්වකුගේ
මව වෙත...

කිම්ද මේ නෙත් මේ හැටි දිගටිය
කිම්ද මේ කුර මේ හැටි උස්විය
කිම්ද මේ බර මේ හැටි මොල්ලිය...

යොදවා
ඔටු මව
තියුණු මස්තිෂ්කය
රුකුලකට අප
යනවිට කතරක...

වැලි හුල නෙත් මේ හැටි දිගටිය
නොඑරී යන්නට කුර මේ හැටි උස්විය
හාමතේ ඉන්නට බර මේ හැටි මොල්ලිය...

ඔටු පොව්වා
ලියලූ කුතුහලයක
කිම කෙන්ගෙඩියට අප
මේ සත්ව උයනක...

09.02.11

බළල් උපාසක...

දුන් දහමක...
මතු
පැවතුමක
භණ්ඩුක උපාසක
හිස මුඩුකර
පොරවා...
ත්
රෙ
දි
පොරවා...
හිස මුඩුකර
බළල් උපාසක
විහාරයක
අද
මගෝඩියක...

08.02.11