Wednesday, February 23, 2011

පමාව...

හොවා ඇකයේ නේත්‍රාවන් උරුමය ඉදිරි පරපුරක
නොහැකිව පොවන්නට ජීවයක් දෙවන බිසවක
සොයා පිය ගලපන ඇය ඇවැස්ස සරණක

මායිමක් නොපෙනී තුරු වදුලක
කණාමැදිරි දිලි බර අඳුරක
රැහැයි න දෙන දිගු නිහැඩියාවක

දෝංකාරය ඈත කඳුශිඛරයම
සුනු විසුණු නෑසිය අඳෝනාවම
සිහිවී අතීත මුළු වින්නැහියම
වැලපි වැලපී ඇගෙ හෘදසාක්ෂියම.....

නොම මෙබවක් දත් ඔහු සිත් නොදී නව සරණයට
ආපසු හීසැරෙන් සොයා දූ දරු බිරි සෙනෙහස

එයයි දිවියේ ගමන දිගුම
අගුල් වැටී හෝරා කදම්භයම
කටු අනී වෙනදා සුව දෝලාවම

සැනින් වන් ඇතුල් ගැබයට
නිවී විලක්කු  දුම් නගා හතර අත

සයනෙහි ඇගෙ මිණි මෙවුල්දම
සිහිවිය පළමුම ඒ ආදර සැමරුම
වැතිරී හැමතැන දූ දරු සළුපිළි
තවත් හමා එයි ඉන් සුවකිරි.....


විජය රජතුමා තම ඇමතිවරුන්ගේ බසට රැවටී, තම ආර්ය්‍ය රාජ්‍යය ලක් භූමියේ ස්ථාපනයට තම රටින් ගෙනා ආ කුමාරිකාව බැහැ දකින්නට, කුවේණියට රහසින්, මාතොටට ගිය බව කුවේණියට සැලවී ඇය තම දරු දෙදෙනා සමග මාළිගාවෙන් පලා යන අතර....විජය රජතුමා නව බිසවට අකමැත්ත නිසා නැවතත් රජ මාළිගාවට පැමිණේ....
(රූපා ශ්‍රියාණි ඒකනායක මහත්මියගේ "විජයයි කුවේණියයි" නව කථාව අසුරිනි ගලපන ලදි)

No comments:

Post a Comment