Friday, March 4, 2011

රාගයට ඇරයුමයි…











රූ සපු නෑ වියැකිලා
කුසුම් පෙති නෑ පරවෙලා
සිලිටු අතැඟිලි දෝවලා
වන්දනාවක සැරසිලා…

විජ්ජු කුමරියෝ මේඝලතාවෝ
කසුප් අන්තඃපුර අංඟනාවෝ
තුසිත් දෙව් ලොව දෙවඟනාවෝ
වලා මත නැගි අප්සරාවෝ…

සිනා පිඬකින් කොමළ පා හිඳ
කිනම් කාලයක් දැන් ගොළුව හිඳ
දෙපා වාරු නෑ සක්මනෙහිම හිඳ
තවත් ඇයි නුඹ ගල් බැමක හිඳ…

නිරිඳු පරලොව හැම සැපක් විඳ වෙසඟනාවෝ වටවෙලා
ඉතින් දැන් කිම ඵලක් නෑ තව වියෝවෙන් වැලපිලා
තරු වියන් යට ක්ෂිතිජ ඉම දිග දිලිසි පාවඩ අතුරලා
කාත් කවුරුත් නොමැති නුඹ හට භාරකරු වෙමි මඟබලා….

දෙතොල් නිය පෙති සායම් නො කොට
අක්බඹරු කෙහෙරැලි කෙළින් නො කොට
ඇහැකිනම් පියයුරු සළුවෙන් වට කොට
වඩිනු යහනට මා වසඟ කොට…

4 comments:

  1. this is something different,,,,
    i like the way changed....

    by Lihini

    ReplyDelete
  2. thanks for the comment...
    i have not done any change...
    its the way you see through the glass,anyway i like that glass...

    ReplyDelete
  3. හැබැයි මචන් මේකේ පොඩි වෙනසක් තියනව කියල තමයි මටත් හිතෙන්නේ ....
    good one..
    --wala--

    ReplyDelete