Monday, November 22, 2010

සිතුවිලි සුදු පෙන කැටි අගට

ගුප්තව අදුර
හෝ හඩ මුසු රාත්රියක
තරු කැට අගින්
එලි දිලෙනා නිමේශයක
ජල මැද වාරු උනෙමි....

නිමක් නොදැනුනෙමි
දෑස මානයක
නෙක හඩවල්
සවන් වැකුනේ
නව රිද්මයකට
මන් විවර කොට....

සීතල මැදින්
උදාවනතුරු හිරු
බලා සිටියෙමි
සිතුවිලි පොදි බැද
නැවුම් දිනයක
පන පොවන්නට….

ඇවිද ගියෙමි වැලි තලයක
ඈත ක්ශිතිජය දෙස බලා
සිතුවිලි කැටිකර
මුදා හැලුවෙමි
සුදු පෙන කැටි අගට
සෙමින් ගැටෙනා…

27.11.10

Sunday, November 14, 2010

දනී නම්…නොදනී නම්…

සිර කර
ඇගේ සංකා
හිස් අවකාශයේ
ඈත ශිකරයක…

තැබුවේ පය
නව ජීවයක්
සොයන්නට….

වැලදගෙන
ෛදයිවය
මෙය යැයි
සිතා…

ලංවුනේ
ඔහුට
නව දිවියක්
සොයන්නට…

නැතත්
සිත සතුට
හිනැහුනේ
මන්ද?...

දනීද?
නොදනීද?
ඇය ඇගේ
දොම්නස…

දනී නම්
රවටයි
ලෝකයාම
ඇය…

නොදනී නම්
හූල්ලයි
ඇය ගැනම
ඇය…

14.11.10

Wednesday, November 3, 2010

පදාර්ථයේ සිසිලස

මුදා හල
වැහි බිදුවක
සගවා එවූ
සිසිලස
හැකිනම්
විදින්නට…

තෙමෙන්නෙමි
නවතිනා තුරු
නිදහස් අවකාශයක
තනිවම දෑත් විහිදා…

ක්ෂිතිජ ඉමේ
පාවෙනා
අඩ කව දේදුන්නේ
සත් වර්ණයට
දෑස් ලංකර…

දෙන්නෙමි
හදට ඉඩක්
සොයා යන්නට
සෙවූ ඒ
පදාර්ථයේ සිසිලස…

03.11.10

Tuesday, November 2, 2010

¿Por qué van a empezar a pensar?

Usted está en busca de sus derechos sobre la tierra
¿Les ha llegado?
No ...
No se les conseguir ...

Usted está luchando con la humanidad
¿Va a derrotarlos?
No ...
Usted no será vencer a ...

Ellos comenzarán a pensar una vez que se han perdido
¿Por qué van a pensar?
No se tiene que llevar la reliquia de aquel día ... ...

Lihini
30.01.10