Friday, November 4, 2011

කාල අවකාශේ කොනක...











කාල අවකාශේ කොනක
අප ගැසූ රස්තියාදුව
හැකිනම් ගසනු
ඔහේ ගිය තැනක...

පන්තියේ පුටු අතර
අප තැබූ සිනා
හැකිනම් තබනු
බිත්ති මග කියන...

වීදියේ විහඟුන්ට
අප නැගූ ඔරොප්පුව
හැකිනම් නගනු
උඩඟුවෙන් තටු මදින...

මිතුරනේ කරන
මම හිඳී  බොක්කෙන්ම
අවැසිනම් අමතන්න
කාල
   ව
      කා
          ශේ
කොනක...

2 comments:

  1. Lahiru Silva sadi,

    Realy a great writing Sanduwa...no 1 will break the things we did, no 1 will have the joy,laughter we had...BTW this made me cry..:'(

    ReplyDelete
  2. thnks comrade...no one was there and wish no one will be there..;))...ill be there your sides with a CHANGE...

    ReplyDelete