Wednesday, December 29, 2010

ඒ “නයින්”...













ඒ “නයින්”
විවරව බලාසිටී…
පසුව මහා
ගිනි වරුසාවකට…..

නිවාඩුවකි
දින තුනක…
කොහේදැයි
චාරිකාව…
දඹකොලපටුනට…..

පුවත්
අටේ කනිසමට…
සංවර්ධනයකි තිරසාර
දඹකොලපටුන කොලොම්තොට
යා කරයි ගොඩබිමින්……

පැනයකි
මා සිත තුල
පමණකැයි මෙය
විය යුතු…
බඳින්නට ලෙයින්
බිඳි ඇති
හෙල දමිල හදවත්…..

නොවන්නට
එවන් ඉරණමක්
මතු පරපුරට…
ගන්නට නැවුම් හුස්මක්
යටි හිතින්
සිතා නොමතියැයි
යලිඳු කිසි දිනක
එවන් බේදයක්……

29.12.10
.

Wednesday, December 22, 2010

ද්වී කලා හැසුරුම…

 









මව් උරුමයෙන්
තෙලි තුඩ රැගුම…
පිය උරුමයෙන්
සත්සර වැයුම…
ලැබුවෙමි
මා
ද්වී කලා
හැසුරුම…..


සිතමි
මෙය යැයි
ලොව ඇති
කුල්මත් වින්දනය…
අහිංසක
ආඩම්බරයකි
සිත තුල
නලියන…..


පතමි
උදාවේයැයි
දිනක

කාල අවකාශය…
දීමට
සංගීතමය
ප්‍රකාශනයක්
පින්තාරුවකට
නිමැවූ මා අතින්ම…..


22.12.10



Sunday, December 12, 2010

සම්භාව්ය ගිතාරය (ක්ලැසිකල් ගිටාරය)....













දිවියේ
අරුත
එය යැයි 
සිතූ කලෙක... 
ගීතයකට
රිද්මයක් 
මහත් යැයි
සිතූ කලෙක... 
ගහනවා 
වයනවා
හී වෙනසක්
නොදත් කලෙක… 
පියමැනුවෙමි
සම්පත්
දායකයෙකු වෙත
ඉගෙනුමට
නුඹේ කලාව…..


ඉවසීම
ප්රගුණ කෙරුවෙමි
පෑ දින මාස
කාල වකවානු දිග…
හෙමින් ගමනකි
ඉගනීම
නුඹේ කලාව…..

අදෝනාවකි
දුක්මුසුය
රෝමාන්තිකය
ලයාන්විතය
විටක නුඹ …..

කලාවකි නුඹ
පිරික්සියහැකි
මා තුලින්
ඉවත විත් මම...
ගවේෂණය
කලහැකි
සමාජ විද්යාවම…
විනිවිද
දැකිය හැකි
ස්වභාව සෞන්දර්යයම…..

නොදනන්
පිලිනොගත්තද
ගැඹුරුය
එතරම්ම නුඹ…
මාගේ
මේ විපර්යාසයට
වග කිවයුත්තාද
නුඹමය…..

ගතෙමි
නුඹ
මාගේ
අමුද්‍රව්ය වෙත…
යෙදීමට
ප්‍රකාශන
මාද්යයක් ලෙස…
දීමට යමක්
සමාජයට
මතු දිනක…..

පතමි
මා
ලැබේ යැයි
කාල අවකාශය
ගසන්නට
රස්තියාදුව
සමග
නුඹේ කලාව…..

13.12.10

Monday, December 6, 2010

චාන්දනී නැන්දා(අම්මා)…..

මවකට නොහැකිය
නලවන්නට
ඇය මෙන්
කදුලු සලනා
කිරි කැටිත්තන්…

මිටිකර
කවා ඇත බත් ගුලි
කුස පිරෙන්නට
ඇති දැන් කියන්නට
නැහැ තැබුවේ
ඇය ඉඩක්…

නහවා ඇත
ඇගෙ දෑතින්
කිලිටි වුනු
ගත
නැවුම් කරවම්…

ලේ කිරි කරන්නට
මේ බවයේ වරම්
නොලදත්
මතු උපදිනු ඇත
දරු දහසකට
අම්මා වම්...

06.12.10