Friday, April 29, 2011

අරව…

මූඩිය ඇරෙයි වැක්කෙරෙයි
තනුකවෙයි බුබුළු නගයි
වීදුරු ගැටෙයි හිස්වෙයි
ගිනි දැල්වෙයි දුම් පිරෙයි

"සින්දුවක් කියමුද?"
පද පැටලෙයි
දෙබස් වැඩිවෙයි

"අපි නටමුද?"
ස්පීකරය දෙයි
හති වැටෙයි

"අරව නැද්ද?"
වටවෙයි
නිහවෙයි

"නියම බඩුටික"
සාමකාමියි
විතර්කයි

"ස්ලෝ නම්බර් එකක් අල්ලමුද?"
තත් වැයෙයි සිත් කොඳුරයි

Tuesday, April 26, 2011

අපේ නුඹේ වරිගය…


වන්නමකට ගජගා
තබමින් පාද රටා
කසුන් වස්ත්රයක් ලා
නටයි නුඹේ වරිගයේ එකෙක්
දොහොත් මුදුන්දී නමදින
අපේ වරිගයේ සලකුණක්
අභිමානයෙන් උසුලා

ගිනි අවියකට ගා
බිලිවෙමින් ඉකි ගසා
සුසුම් කප්පරක් හෙලලා
නැසෙයි නුඹේ වරිගයේ එකෙක්
සරු ඵලින් බරදී පුරවන
අපේ වරිගයේ අස්වැනක්
රුදුරු වෙසකින් වනසා

Thursday, April 21, 2011

අපිට අනී…


ඉපිලුනි ගොනෙක්
ඇන මිනිසෙකුට
යාන්තමින්
ගහකින් වැටෙන…

අපිට අනී ගොනුන්
යාන්තම් නගින්නත්
කලියෙන් ගහට…

සතුටු වෙමු…
ඇන්නාට ගොනෙක්
වඩා
පොරකන
අතු උඩ
වෙන්දේසියට…

දියවුනු කිරුළු සිහිනය














මීදුම් සළුවක
සේළ ඉරා තැනු
කුරුළු කැදැල්ලක
හීන විලාපය…

අකුණු කඩාගෙන
ගුවන ඉරාගෙන
මෝසම් වැස්සක
දියව ගියාවෙද?…

දිරාපත්වෙන
පණගිය කඳකට
ඇහැකිවෙද නුඹෙ
පියස වන්නට…

සිඟිති විහඟ
තුඩකට කවන්නට
බිජු දමනු හැක
වෙන දිහාවක…

Wednesday, April 20, 2011

ආතුර සිහිනය…

ආතුර මනසට
දෑත් වනයි
භූතයෙකු
අතාත්වික
මානයක හිඳ…

වරෙන්
අපේ මානයට
නොසිට
තොපේ වැනි
බහුභූත මානයක…

විලක්කු නිවී යයි
දුම්මල විසිරී යයි…

Monday, April 18, 2011

ඇණය එන්ජිම තෙල්නිධිය ලෝකය


නොම්මර දෙකේ ඇණයක් ගලවා
අපව නංවා තවමත් යාන්තමින්
දුවයි එන්ජිම
තෙල් නිධිය හිස් වෙලා
අපව නංවා තවමත් යාන්තමින්
කැරකෙයි ලෝකය

ඇණය එන්ජිමට
අවශ්‍යමද?...
තෙල් නිධිය ලෝකයට
අවශ්‍යමද?...

ටික දොහකින් එන්ජිම
ලෙඩ දේවිද?...
අපිට පයින් ගාටන්න
ලෝකය ඉතුරු වේවිද?...

Sunday, April 10, 2011

රහසේ හැරයෑම…














අයාලේ
මං මුලා
ඉතිරිකර
හැඬුම්…

විරාමේ
තිත ඉරා
නටයි
සුර ළඳුන්…

ගියාවේ
මං ඔහේ
නිමාකර
පැතුම්…

නිදහසේ
ඉම කරා
සොයා
පස් බැළුම්…