Monday, April 18, 2011

ඇණය එන්ජිම තෙල්නිධිය ලෝකය


නොම්මර දෙකේ ඇණයක් ගලවා
අපව නංවා තවමත් යාන්තමින්
දුවයි එන්ජිම
තෙල් නිධිය හිස් වෙලා
අපව නංවා තවමත් යාන්තමින්
කැරකෙයි ලෝකය

ඇණය එන්ජිමට
අවශ්‍යමද?...
තෙල් නිධිය ලෝකයට
අවශ්‍යමද?...

ටික දොහකින් එන්ජිම
ලෙඩ දේවිද?...
අපිට පයින් ගාටන්න
ලෝකය ඉතුරු වේවිද?...

2 comments:

  1. එන්ජිම ලෙඩ දුන්විට
    පයින් ගෑටිය හැක
    එහෙත් මග තොටදී කතා බස් කිරීමටවත්
    මිනිසුන් ඉතිරි වේවිද?

    ReplyDelete
  2. මිනිසුන්
    ඉතුරු වූවත්

    කතා
    කරන්නට
    දෙයක්
    ඉතුරු වේවිද?

    ReplyDelete