Sunday, December 4, 2011

අම්මා නොව අක්කා වන්…














කිරේ මහිමෙන්
ලැබුනෙමි ජවයක්
රස්තියාදුවකට
දෝලනය අතර මැද
බේරා කළු සුදු

දෑඟිලි වෙරෙන්
ලැබුනෙමි උරුමයක්
කෙරුමට සිත්තම්
බිත්ති වනසමින්
පැස්ටලයෙන්
පින්සල් පහර පෑ
වර්ණ හරඹයන්

සැඟවුනු ඇත්මයෙන්
ලැබුනෙම් දිරියක්
නොබියව ඉන්නට
උසුලා කප්පරක්
දුක් අතරමැද
සිනහවක්
කට කොනකලන්

උපදින භවයක
බුදු නොවන්
සසර කෙටිකර
මව් නොවන්
ළඟින්ම හිඳ මට
සොයුරියක් වන්

No comments:

Post a Comment