Sunday, November 27, 2011

සිහින…


 








පුරහඳ පහන් රැළි නහවන නුවරක
මිනිස් රූ සතපවා හිස්ව ගිය සයනයක
ආත්මයන් උනුන්ගේ අවතාර පෙළහරක
රහසින් කොයිබටද? දිදුලන සඳඑළි සයුරක...

ඔසවා පියාපත්
පණ පොවා ගුවන් නැව්
සිහිවටන පාවයයි
සිසිලසින් ධූමයන්...

අත්හැර හැම රැයම සයනයන්
නිදැල්ලේ කොයිබටද?...

සුදෝ සුදු දිලුනු රැස් පාර කී දෙවටක
දඟර දා කපු කටියි පාමුල කාල මැසිමක...

පුළිඟුවන් මාළිඟා දිස්න දෙති
රෝසමුසු පලා පැහැ...

දිගු කර හැරි
සිහින පියාපත්
පණ පොවයි
සිත්තරු කිවිදි
වීර නරපති
ආත්මයන්...

අනිත්‍යය මුළාකර
සිහිනය සැබෑකර
වෙර දරා අප රඟයි
මායා නාඨකයක...

ඉක්මවා ආලෝක වේගයන්
පසුකරයි දිගුදුර තරු රෑන්...

නැවත වන් සයනයට අතුරුවා මිනිස් රූ
පසුතැවී බොඳවගිය බව දත් සිහින සිත්...
  
දෙනෙත් හැර දමා හිමිදිරි එළියක
වෙහෙස නිවා රැයෙ විඳි අවදානමක
ගුප්ත බව වෙලා අප නැව්ම්ම දිනයක
අත්හැර නොදා කිමිදෙති සිහින සයුරක

ඩැහැගනු ආත්මයේ කබා අග
විපරමින් ඉලක්කය දිසා අග
පමා කර සිහින පිළිරුව
රස නොකරනු සිහිනයක මධු රස...

(Source: Poem "Dreams" by Avananda) 


No comments:

Post a Comment