Saturday, March 26, 2011

ලැජ්ජාවක දිග...

මගේ
දණ පොල්කටු
අත්පුඩියක...

අකුරු යාකර
එල්ලිය නොහැකී
වදනක...

දහස් නෙත්
අතරමංකර
නුඹ තඹ දෙනෙත්
යාවූ තත්පර අවලම්බ
දශම විස්ථාපනයක...

රුවා ගලපමින්
හදේ කොනක රැඳි
කුමක්දෝ සෛලයක
නැති උණුහුමක
ඇති සිසිලසක...

පසුව උත්තේජිත
සිතුවිල්ලකින්
මවා හිනැහේ බහුරූප
ටෙලිපතියකින්
නුඹේ මනසක...

වරදට කෑගසා
නොයදිමි සමාවක්
මන්ද බිහිරිය
දෙසවන්...

නුඹේත්
දණ පොල්කටු
අත්පුඩියක...

විටෘවියන් මිනිසා (Vitruvian Man)...













සමමිතික
මිනිස්
කායක
ගලපමින්
අං
ජාමිතිය
නුඹ
තාමත්
නිසොල්මන්...

අසමමිතික
මිනිස්
මානයක
නොයදිමින්
සිතග
ප්‍රායාසය
නුඹ
ආයෙත්
නැගිටපන්...

Friday, March 25, 2011

ජීවිතය...











මිනිත්තු
අවලම්බය
හැරයයි
වේගයෙන්
තබා එකතැන
කම්මැලි
හෝරා දණ්ඩ
පිටුපසින්
තත්පර කඩිමුඩිය...


දෝලනයක
යුතුකම් වගකීම්
අතර මැද
යගුලියක් බර
ජීවිතය...

රැස්කරයි
කුසල් අකුසල්
පොදි පිටින්
නොනිදා
හෑම නිමේශයකම...

ස්පන්දිතයි
හෘදය
බියවී
මරණ බිල්ලට...

නැවුම්
හුස්ම පිඩ
ආශ්වාසයක
තුරුළුකර තබා අප
දිදුලන කප් තෙල්
පහන් දැල්ලක...

Friday, March 18, 2011

මම අපතයෙක්...

ඇහිපිල්ලමක වදදී
නින්දක් රවටා
නොතේරෙන
වදන් අතර
වෙරදරා...

දුම් ගුලි උගුරින්
පපුව කොනිතුවා
උණුහුම් කහටින්
දෙතොල් පොවා...

වියළි මස්තිෂ්ක
කේශ නාලිකා
වෙහෙස කරවා...

හෝරා අවලම්බයක
මැදිව සිරවී
සුරත් වාරුත්
නොමැති
නිමේෂයක...

සතුටුවෙමි
නිහවම
සිහින් සිනහවකින්
"මම අපතයෙක්"
සතුටුවෙමි...

ලාංකික අපි...

හෙළ බොදු
අධි මානයෙන්
ජාති කුලමල
ආගම් අවියෙන්...

කඩප්පුලි
වංස කබල්ගා
ගොඩවන පයකින්
පසෙකට ඇදලා...

දිගුම දිගු
ඉතිහාසයක
පුරසාරමින්...

මුතු ඇටයකින්
ලොව වැජබි
අභිමානවත්
ලාංකික අපි...

ආදරය...












ජීවී ආදරය
ලෙයින් බැඳී
පුරුකෙන් පුරුකට
ජන්මයෙන් ජන්මයට
බන්ධනයවී
නොනිමි...

අජීවී ආදරය
ජෛව ප්‍රජනනයක
අතරමැදිව
මැදිහත්ව
නිමි...

අජීවී ආදරය
ජීවී ආදරයක
පණපොවා
නිමි නොනිමි...

කැඩපත...














රසදිය පින්තාරුවකින්
ජීවය අජීවයකින්
මවයි ප්‍රතිබිම්බ
අවම අයාසයකින්...

කැමති නූවත්
කෙළ ගැසිය නොහැකී
කැමති වූවත්
සිප ගැනිය නොහැකී...

ඇහැකිනම් තෙපලන්න
වචන පෙළ ගලපන්න
"මට දැන් උඹේ මූණ දැකල දැකලම එපා වෙලා"

Thursday, March 17, 2011

කසාදය...

ශිෂ්ඨාචාරය
පණ පොවා
නිදහස් වර්ගයාට
ජනනයක්ව හි...

නූතන
නෛතික
පත් ඉරුවක
අත්සනකට සීමාව...

දෙදෙනෙකු
නිදහස
කූඩුවට කොටුකර
යහමින්
ලොවක් රැවටීමට
ලකලෑස්තියි...

වින්නඹු අඳෝනාව...

ලේ පිරි කිරි කැටි මස් ගුලියක්
ජීවය හුවමාරුවක වැල් පෙකණියක්
දෑතින් සේදුනු කුළුදුල් හැඞුමක්
මතක මායිමේ නැත දැකපු කාලයක්...  

විදුලි ආලෝක පැතිරි කුටියක
කතුරු පිහි තල වැදි කටස් හ
ලෝගු ලා ගත් මිනිස් පිරිසක
ගොදුර වී නුඹ එලිය දුටු ලොව...

Saturday, March 12, 2011

"එල්" බෝඩ් ආදරය...

යාකර නොවූ
අතීත සිතුවිලි
හිනැහිලා බලා
දෙතැනක වැලපිලි…

සිත් සිත්
ගතහැක හදුනා
සිව් නෙත්
මවාගත් සංඥා…

බිත්ති ඝන කාමරයක
පංකා නිවි හෝරාවක
ජීවීම හුස්ම බින්
තවරා එවනු ගෙත්තම

පිටුවක් නිසල බහු රූ පොතක
සියයක් නිහඩ ඇසිපිය
දෙසවන් ආරූඩ පැතලි පුටුවක
කවියක් මුමුනනු රහස් මානයක…

කාලය නිමි රස්තියාදුම ගසා
ආලය නිමි එල් බෝඩ්ම නිසා…


රුවල් දැමූ...













දමමි මා රුවල්
සොයමි ඔය නුවන්…

ගුවන හංඟා කිපුණු දියරැලි
දිරිය වඩවා මා මුව හසරැලි
එළිය ඇතත් නොදකිමි හෙවනැලි
වීනස්ට ඬඟා  මගේ සිතුවිලි…

මාලිමාවේ කටු සොයනු
රතු මුහුදේ ඉම දකිනු
සුවස් ඇල දිග ඔහේ පාව එනු
වෙරළ කොනක හි මා පිලිගනු…

නගින්න තුරුළුකර
කරදිය වේරම්භය
දකින්න උතුරු ධ්රැව
ආලෝක කදම්භය…


නොවෙමි 
නැවි පිරිමි මම
නොයදිමි 
නැංගුරම් ගැහැණි නුඹ...


Friday, March 4, 2011

රාගයට ඇරයුමයි…











රූ සපු නෑ වියැකිලා
කුසුම් පෙති නෑ පරවෙලා
සිලිටු අතැඟිලි දෝවලා
වන්දනාවක සැරසිලා…

විජ්ජු කුමරියෝ මේඝලතාවෝ
කසුප් අන්තඃපුර අංඟනාවෝ
තුසිත් දෙව් ලොව දෙවඟනාවෝ
වලා මත නැගි අප්සරාවෝ…

සිනා පිඬකින් කොමළ පා හිඳ
කිනම් කාලයක් දැන් ගොළුව හිඳ
දෙපා වාරු නෑ සක්මනෙහිම හිඳ
තවත් ඇයි නුඹ ගල් බැමක හිඳ…

නිරිඳු පරලොව හැම සැපක් විඳ වෙසඟනාවෝ වටවෙලා
ඉතින් දැන් කිම ඵලක් නෑ තව වියෝවෙන් වැලපිලා
තරු වියන් යට ක්ෂිතිජ ඉම දිග දිලිසි පාවඩ අතුරලා
කාත් කවුරුත් නොමැති නුඹ හට භාරකරු වෙමි මඟබලා….

දෙතොල් නිය පෙති සායම් නො කොට
අක්බඹරු කෙහෙරැලි කෙළින් නො කොට
ඇහැකිනම් පියයුරු සළුවෙන් වට කොට
වඩිනු යහනට මා වසඟ කොට…