පිඟු දැල්
රඟයි
චිරි චිරියේ...
මෙරු තටු
සලයි
සිරි සිරියේ...
තුන්ලෝ දුටු
දෙඇස්
අනිමිසලෝචනයේ...
________________________________
කැඩුනු
තත් අතර
ස්වර සොයා
වෙරදරන
දිරුනු
මූලයෙන්
පැල සොය
ඉකිබිඳින
ඇහැකිවෙද
මල් තලා
රොන් ගන්න
දෙබරෙකුට...
________________________________
කුහුඹු...
දිය පහරකට
මැදිව
දඟලන
දඟල දඟලා
පොරකන
පොරකකා
ගොඩවන
තුනී
නිදිකුම්
පතක
අ
පි
.
.
.
________________________________
නුඹ රුව
ඇඳි...
පැතලි
ක්ෂිතිජ ඉම
කුලප්පු තරු
රෑනක
සිත්තම...
උත්තල
හඳ එලියක
සඟවා තබනු
සිත්තර
තෙලි තුඩෙන්...
පැතලි
ක්ෂිතිජ ඉම
කුලප්පු තරු
රෑනක
සිත්තම...
උත්තල
හඳ එලියක
සඟවා තබනු
සිත්තර
තෙලි තුඩෙන්...
දිගටිම
ඉලිප්සාකාර
ගෝලීය
ජී
වි
ත
ය
ක
.
.
සරලම
අනුවර්තී
චලිතයක්
හොයා
වෙර දරන
අ
පි
.
.
.