Tuesday, May 31, 2011

උන්…


හැඩිදැඩි
සෙබළ පිරි
රිය පෙළ
මැදිව වේගයක
සුරැකි අළුගෝසුවන්
හෙලා දහදිය
වැසුනු මහම
අතරමැද
මරණයහිමි
න්
පාප සිරකරුවන්..
එකවර නොකර
ගෙලටීන
තොණ්ඩුව
දිනෙන් දින තදව
හෙලාදකිනු
හොහැකිව
න්
කූරු අතරින්
රැවටි රැවටී
හැමදා විත්තියක
 

Thursday, May 19, 2011

ඵලක් නැති...


අශාව
තණ්හාව
ගලවා
විසි කර
දැමුවෙමි
හැකි
උපරිම
වෙර දරා
ඈතට...

සතුටුවුනි
මොහොතකට..

පතිතවුනි
බරින්
දෙපාමතම
යලිත්

Friday, May 6, 2011

ලෝකයා...


සිදුවුනි හරියටම මා අතින් එය
නොමැත කිසිවෙක් අගයන්නට
ඉපිලී යන්නෙමි ආත්මතෘප්තියෙන්ම
ඉතිරිවුනි හෘසාක්ෂිය...

සිදුවුනි වරදක් මා අතින් එය
දහස් ඟිලි තුඩු මා වෙත
නොමැත කිසිවෙක් කොයිබද වරද
ඉතිරිවුනි හෘසාක්ෂිය...

මුලා නොවෙමි
දිරිය ගන්නෙමි
සතුටුවෙමි
සිනහවෙමි...

මාපටැඟිලි
දබරැඟිලි
මැදැඟිලි
වෙදැඟිලි
සුලැඟිලි
පෑඟිලි
විස්සම යොමු කරමි...

ලෝකයා
මට තොපෙන් කිසි වැඩක් නෑ...

Thursday, May 5, 2011

උත්සාහය…


ලෝකය
නුඹ අප
එකතැන තබා
කැරකේ
නුඹ වටා

අපේ
උත්සාහය
කැරකෙන්නට
නුඹටත් වඩා
වේගයෙන්
නුඹ වටා

අපි ඔක්කාරේ
අපි ක්ලාන්තේ
අපි අයාලේ
අපි මුලාවේ

නුඹ නිදහසේ
නෑ
නුඹ විනාසේ

හඳහන…

මමත්වයේ
හෘදසාක්ෂියේ
දත්ත කොපියක්
විශ්වයේ කොනක
සැරිසරන
නිදහස් අවකාශයක
ගබඩා වී
භෞතික මා
රැස්කරන
කුසල අකුසලට
ප්‍රතික්‍රියාවකින්
සංඥා කර
පිනවයි රිදවයි…

මමත්වය
හෘදසාක්ෂිය
විශ්වයම
කැටිකර
ඔබනු හැකිවෙද
ලේ නහර සිරුරට
විශ්වයම සිරුරයි…

Wednesday, May 4, 2011

උත්ථානයෙන්…


ඝනදුරු වසා
හුස්ම පොද
ගිලිහෙන
උනුන්ගේ
පාප ගිනි නිවා
නැගිටින්නට
යලි පණ ගසා
උත්තේජනයකින්
විජ්ජු රේඛා

දහස් නෙත්
මවිතයෙන්
දෙව් සමිඳු
උත්ථානයෙන්

මිහිකත වා
පහරපිට ගසා
නැසෙන
මිනිස් වරිගයට
යලිත් දෙමුද
පදාර්ථමය ජීවයක්
අපිත් උත්ථානයෙන්

තනිව වෙරළ ඉම...

වෙරළ ඉම රැඳි
පා සලකුණු
බිලි නොවී
රැලි නැගී ගලනා
සුදු පෙණ කැටි අගට
බිය නොවී
හිරු කෙඳි පොරවා
දිලි ක්ෂිතිජ ඉවුරට
මුමුණමින් හිනැහේ
සොයා ඉදිරි මං පෙත...

අවකාශයේ රූ මවා
දෙඩූ බස් එදා අප
නින්නාදයේ ගී රටා
සොයාතව තබා දුක…

ගුලි වෙවී ගොම්මනක
නුඹ හෙලූ කදුළු පොද
සැගවෙවී සිප්පියක
ඉතිරි කර තවත් දුර
තටුසලා ලිහිණියක
රැව්දිදී යදී හඬ
ඇවිද යයි මතකයක
තනිව අද මගේ හිත…

Tuesday, May 3, 2011

කණයෝ…


ලූල්ලූ
නැති
හින්දාම
පොලිටික්ස්
වළේ
පණ්ඩිත
කණයෝ
රජයි...

කණ
රැඟිලි
බලා
අපි
හැමදා
තිත්ත
පැටව්

හරයක් නැති…

කලත්
දහස්
වර්ණනා
මොන
සුවඳක්ද
ඔය
කියනා
සඳුන්…

........................................

චැනල් එක
කොච්චර
ක්ලියර් වුනත්
බලන්න
ඉඳගද්දිම
ඉරි ඉරි…
අපේ
ඇන්ටනත්
හැමදාම
මෙහෙමයි…

........................................

තරු
ගණං කරල
එක පැත්තකින්
තියනකොටම
එකක් යනව
අනික් පැත්තට
ආයෙත් ගණං
වරදිනවා…

........................................

ඉල්ලුමට
සරිලන
සැපයුම
දීලාම
තෙල්
නිධිය
වතුරවෙලා…

........................................

ඵලක් නෑ
වෛරකර
සර්වබලධාරියාට
මා…
ඇණ ගසා
බැඳි
කුරුසියක
එවා
නුඹ
දෙනෙත්
අභියස
මා…
........................................