Friday, May 6, 2011

ලෝකයා...


සිදුවුනි හරියටම මා අතින් එය
නොමැත කිසිවෙක් අගයන්නට
ඉපිලී යන්නෙමි ආත්මතෘප්තියෙන්ම
ඉතිරිවුනි හෘසාක්ෂිය...

සිදුවුනි වරදක් මා අතින් එය
දහස් ඟිලි තුඩු මා වෙත
නොමැත කිසිවෙක් කොයිබද වරද
ඉතිරිවුනි හෘසාක්ෂිය...

මුලා නොවෙමි
දිරිය ගන්නෙමි
සතුටුවෙමි
සිනහවෙමි...

මාපටැඟිලි
දබරැඟිලි
මැදැඟිලි
වෙදැඟිලි
සුලැඟිලි
පෑඟිලි
විස්සම යොමු කරමි...

ලෝකයා
මට තොපෙන් කිසි වැඩක් නෑ...

No comments:

Post a Comment