Wednesday, February 9, 2011

ඔටු පොව්වාගේ කුතුහලය...

නලියන
හිත යට
කුතුහලයකි
ඔටු පොව්වකුගේ
මව වෙත...

කිම්ද මේ නෙත් මේ හැටි දිගටිය
කිම්ද මේ කුර මේ හැටි උස්විය
කිම්ද මේ බර මේ හැටි මොල්ලිය...

යොදවා
ඔටු මව
තියුණු මස්තිෂ්කය
රුකුලකට අප
යනවිට කතරක...

වැලි හුල නෙත් මේ හැටි දිගටිය
නොඑරී යන්නට කුර මේ හැටි උස්විය
හාමතේ ඉන්නට බර මේ හැටි මොල්ලිය...

ඔටු පොව්වා
ලියලූ කුතුහලයක
කිම කෙන්ගෙඩියට අප
මේ සත්ව උයනක...

09.02.11

4 comments:

  1. zoo 1ta wath giyada...:))..nice1

    ReplyDelete
  2. දරු පොඩ්ඩෙකුටත්
    කුතුහලයකි......
    කිම කෙන්ගෙඩියක අප
    දුක් විදිමින් මේ සත්ව උයනක....

    ReplyDelete
  3. ඔව් මචන් අද ගොඩාක් දේවල් තියෙන්නෙ
    තියෙන්ඩ ඕනෙ තැන සහ
    තියෙන්ඩ ඔව්නෙ අය ගාව
    නෙමේ මයෙ හිතේ...

    ReplyDelete