Friday, August 26, 2011

පනාමුරේ හස්ති විප්ලවය…














වනය මැද තළාකය පනාමුරේ අඩවියේ
දිය බුබුළ සරුසාර කිසිදාක නොසිඳුනේ
පොදි ගැසී නන්දෙසින් රංචු පිට පැමිණියේ
අභාවයට පණ පොවා නිවන්නට හාමතේ

බුරුත පළු දැව කඳන් වටකර බිම් අක්කරක්
ලන්සුවට බිලිවී හෙලන දුක් කප්පරක්
එකෙක් මින් මෙල්ල නොවි නාද කර කුංචයක්
යඳම්දා නොහැකි තැන දුනි ඌට නිදහසක්

නොයා ඌ තනිකොට පවාදී වරිගයම
කුපිතකර ලෝහිතය ඇරඹුනා විප්ලවය
අහස් නැඟි දූලි කඳු සුනු විසුණු පවුරු කඳ
පහර කා පැන දුවයි ඇමට දුන් කෙණෙරියන්

උණ්ඩ පිට උණ්ඩයන් ගිනි කඳන් පත්තුවුනි
පසරු වී ගිලා බැසි හතරගාතේ වැටිනි
සංග්‍රාමය අවසනින් නිසල කළු ගලක් වැනි
රැස්ව උන් පිරිවරම දැස් දියරින් පෙඟුනි

හිස නමමි සීරුවෙන් රජා පෑ තේජසට
තිරිසන් ලෝකයේ කෙටිම කෙටි විප්ලවයට
සදාකල් නොමැකෙනා රන් අකුරු නාමයට
එදින් පසු කිසිදාක උන් නොගිය වෙන්දේසියට


Friday, August 19, 2011

හමුවී සමුදී...


වෙරළ
හිඳී
වටකර
සයුර
නොඳී
අවසර
ගොඩට…

විඩාබර
රැල්ල
මු
වී
සිප
කෝමළ
වැල්ල…

සැමදා
මු
දී
තහනම්
වියපත්
පෙම…

Monday, August 8, 2011

මායා...














ගල්ගේ ආලය දෙදරා
හද ඝන බිත්තිමත
දෝංකාරදේ තිරසට
කෙලින් සිටි සවනට
වියරුව…

සිහිනේමයි
මායා බොඳ වන්නේ…
සිහිනේමයි
මායා බොඳ වන්නේ…

ඔය දෙතොල්මත
මා දෙතොල්
දිවගින්
කලතා කේඨය
සුරත හොවා
නුඹෙ ගෙලමත
කිතිකවා
අග කෙහෙරැළි
හුස්මින් දොඩවයි
දෙහදේ සිතුවිලි…

සිහිනේමයි
මායා බොඳ වන්නේ…
සිහිනේමයි
මායා බොඳ වන්නේ…

Saturday, August 6, 2011

දිය බිඳු සිම්ෆනිය…


ජල බිට නතු
හුස්ම බි
ඔක්සිජනයට
පොර බැද
අනන්තයකට
ජනිත පෙණ කැට
මවා සුදෝ සුදු තිරය
අභියස දෙනෙත්
උරතලයට
බර රැඳී
දිය බි
තෙරපියක්මය
වියළි
රුධිර නාළිකා
පණ නැගෙන
දිය බිඳු
සිම්ෆනියේ
බේස් හඩ
රැව්දිදී යයි
කර්ණ මනසක