Monday, January 31, 2011

“එළුවොන්ට” පෝස්ටර්...


ලේ වැගිරූ දෙඅත් තැබූ                                         එකිනෙක
ලේ බිදක් හුරු සෛලයක් නොරැඳි                          මුහුණක
සිනා රැල්ලක් නුපුරුදු කට                                           කනක 
පාටින් සැරසී ඇත හැම බලනා                                     අතක


රූපත් ඡායා ගරුබුහුමන් දෙමින් මහ                             රජට 
ඉන් නොනැවතී ඇසිල්ලක් දුන්                           පුරෝහිතට
එදත් අදත් හෙටත් මේ නොතේරෙන දුක්               විඳිනුන්ට 
ආයෙත් ඇවිල්ලා පෝස්ටර් එළුවොන්ට                     කන්ට


කාගෙත් හිතවතා යැයි ගමේම නම                              රන්දා 
නොහො කෙනෙක් සෙවිය නොහැකිද                      මන්දා 
කිසිත් නොකර දුප්පත් කර පිටින් යන                         හන්දා 
හිස් පොඩිවී බඩ තඩි වුනිද                                           මන්දා


31.01.11

Saturday, January 29, 2011

ස්ත්‍රීයට වසඟ පුරුෂ...













ස්ත්‍රීය...
පුළුල් පැදි උකුළ
ප්‍රසූතියකට
මානව ඉදිරි පුරුකකට...
පිරිපුන් තන් යුවල
ක්ෂීරයකට
පුරුකේ සපිරි වැඩුමකට...

පුරුෂ...
යටි හිත මේ දැන
වසයට...
නොම මේ බවක් දත්
උඩු හිත
වල්කමට...

29.01.11

Thursday, January 27, 2011

විරහවකි...

විරහවකි
ව්‍යාජ...
හිතින් පෙම් බැඳ
ගොළු හදින් හූල්ලා
ඇවිටිල්ලකින්
කිති කවා...

විරහවකි
අව්‍යාජ...
අධ්‍යත්මිකව එක්වී
ලිංගිකව නතුවී
වෙන්වී
හුදකලා...



27.01.11

Wednesday, January 26, 2011

ඔහු... ඇය...

බිත්ති හතරකට කොටුව
දහසක් යහන්වන
සයනයක...
මිනිත්තු අවලම්බන මාත්‍රයකින්
පවස සංසිඳුවා...
ගොම්මනෙහි ගෙට ගොඩවී
අඹුවට චාටුවක් දොඩනා...

ඔහු...
ගා
රි

ඇය...
ණි
කා


26.01.11

Sunday, January 23, 2011

නිහැඞියාව...

පොදි
පිටින්
පාට
තැවරුනු
පින්සලක්
සොයයි
හිස්
කොලයක
ද්වී මාන
සීමාවක්
පින්තාරුවට...

සුරැතිඟිලි
තුඩුවක
නලියන
සමස්වර
ගොඩක්
සොයයි
නිදහස්
තත් අතර
රිදමයක්
මුදා
හැරුමට...


23.01.11

Friday, January 21, 2011

රුදුරු අවදියක...











ඳුරු
තනිකමක
හි
කිඳා
බැස්සෙමි
සිතුවිලි
ගැඹුරක...

සිතුනෙමි...

ධර්මයට
ස්වභා
එරෙහි
එක්ම
සත්වයා
මානවයා
වග...

නොව
පමණක්
E=mc2
උකහාගත්
ඔහු
සිටියේ
රු
දු
රු
අවදියක
වග...


21.01.11

ඇගේ දුමාරය...













තුන්
මුවකට
ලේ
කිරි කර...

නෙත්
දහසකට
මං
පහන් කර...

අසල්
කුසකට
ගිනි
තුරං කර...

අහස්
ගැබකට
ඇය
නික්ම ගිය...

By Sandun
20.01.11

Friday, January 14, 2011

?????...


නිදහස්
ආධිපතියක
ගැඹුරු
බරක්
ගත්
ගාම්ඹීර
නැවි
පි
රි
මි
යා

පතයි
හිඳ
තහංචියක
යටත්
විදානයට
නැංගුරම්
ගෑ
ණි
ක්


14.01.11

Thursday, January 13, 2011

දෙබෑ කර කළු වළා











තතක් පිරිමදිනු නොහැහිව
පින්සලත් වෙව්ලන මොහොතක
බුලත් කොලයක හුණු පොදක් ගා
හිරිවැටුනු දත් අතර පුවක් කෑල්ලක් රදවා
රත්වුනු මුවෙන් කෙල පිඩක් ගසා
යාන්තමින් පෑන් තුඩින් කොලයක් පිරි මැදා.....

කියමි.....

පායන්න ඉරක්
දෙබෑ කර කළු වළා
දාඩිය බිදුවකින්
හිරිගඩු කිති කවා.....

නැතිනම්.....

අවසර සැනසෙන්න
වයින් පොදක් තොල ගා
දුම් උගුරක රස බලා.....

13.01.11

Wednesday, January 5, 2011

තීක්ෂණ බුද්ධිය හා සැලූටය…










ගසකි එය
පාඩුවේ
බිමක
දළුලන
අතැගිලි හැඩය...

තීක්ෂණ බුද්ධිය
කාකි ඇදුමින්
සැරසි
රාළහාමි
වෙත
රස්තියාදුකාර කොල්ලෙකි
සමාජයෙන්
හන්වඩු ගැසුනු
සතුටින් සොයාගත්
අතරැදි
සිල්ලර මුදල
පාපැදියකි
රෝද වෙව්ලන
සිරි සිරිය...

සැලූටය
තරු ගැසූ
ලොක්කාගේ
වෙත
බේබි
මිටියකි
ග්‍රැම් සියයක
ජගුවර් රථයකි
තීරු බදු රහිත
වෙත
බන්ගලාව
නිවා ගන්නට
දුක්විදින මිනිසුන්ගේ
කරපිටින් ගිය
සතියක අන්තය...


05.01.11

Tuesday, January 4, 2011

ඇගේ වින්නැහිය…




ඟින් සිටින
යෙහෙලියන්
ආදරෙන්
සමග
උන්ගෙ පෙම්වතුන්...

බලා සිටිය
නොහැකිව
ඇයත්
ලංවුනේ
ඔහුට
සමාජයෙන්
කොන් නොවන්න...

වින්නැහිය බව
දැන දැනත්
තදින් වෙලෙමින්
ඔහුට
යටි හිතින්
කරයි වෛ
මුළු මහත්
පුරුෂ සහතියටම


04.01.11

Monday, January 3, 2011

සෙවිය නොහැකි ...

සෙව්වෙමි
සංගීතයක්
වන්නට
අනුනාද
කර්ණ
මනසේ
රැව්දෙන...

දැනගතිමි
සෙවිය
නොහැකි
බව
සමස්වර
ගොඩක්
ගලපනු
හැකිමුත්
රිද්මයක්...

හිතමි
මහත්යැයි
මේතාක්
තෙරුම්
ගැනීමම...


03.01.11

නුඹ...

මලකි
නුඹ
කටු
ගොඩක්
මැද
පිපුනු
දෙන්නේ
රොන්
උරන්නට
අකමැති
වුවත්
ලොකයාට
පෙන්නන්නට
කැමති
සමනලයාට
නෑ...
නෑ...
බඹරාට.....

03.01.11

Sunday, January 2, 2011

ඇලවිල්ල…














ඇලවුනෙමි
එලියක්
දුටිමි
තරුවක්
තබා ගිය

තවත්
ඇලවුනෙමි  
තවත් එලි
දුටිමි
තරු රෑනක්
තබා ගිය

ගැලපුවෙමි
රටා ගොඩක්
ඇදුනේ නැත
රූපයක්
මනසේ
ඳි
සිත්තමට
සමාන

ඇලය
මාරු කලෙමි
යාන්තමට
රූප දෙක
විනිවිද
යැවුනි

එලියක්
වැටිනි
ඇස් ඇර
බැලුනි...

දවල්ට කා
ඇලවුනු
ඇලවිල්ලට
කෙලවී
ඇති බව
දැනුනු විට
ලැජ්ජා
හිතුනි

02.01.11