Wednesday, January 5, 2011

තීක්ෂණ බුද්ධිය හා සැලූටය…










ගසකි එය
පාඩුවේ
බිමක
දළුලන
අතැගිලි හැඩය...

තීක්ෂණ බුද්ධිය
කාකි ඇදුමින්
සැරසි
රාළහාමි
වෙත
රස්තියාදුකාර කොල්ලෙකි
සමාජයෙන්
හන්වඩු ගැසුනු
සතුටින් සොයාගත්
අතරැදි
සිල්ලර මුදල
පාපැදියකි
රෝද වෙව්ලන
සිරි සිරිය...

සැලූටය
තරු ගැසූ
ලොක්කාගේ
වෙත
බේබි
මිටියකි
ග්‍රැම් සියයක
ජගුවර් රථයකි
තීරු බදු රහිත
වෙත
බන්ගලාව
නිවා ගන්නට
දුක්විදින මිනිසුන්ගේ
කරපිටින් ගිය
සතියක අන්තය...


05.01.11

No comments:

Post a Comment