Thursday, January 13, 2011

දෙබෑ කර කළු වළා











තතක් පිරිමදිනු නොහැහිව
පින්සලත් වෙව්ලන මොහොතක
බුලත් කොලයක හුණු පොදක් ගා
හිරිවැටුනු දත් අතර පුවක් කෑල්ලක් රදවා
රත්වුනු මුවෙන් කෙල පිඩක් ගසා
යාන්තමින් පෑන් තුඩින් කොලයක් පිරි මැදා.....

කියමි.....

පායන්න ඉරක්
දෙබෑ කර කළු වළා
දාඩිය බිදුවකින්
හිරිගඩු කිති කවා.....

නැතිනම්.....

අවසර සැනසෙන්න
වයින් පොදක් තොල ගා
දුම් උගුරක රස බලා.....

13.01.11

No comments:

Post a Comment