Monday, January 31, 2011

“එළුවොන්ට” පෝස්ටර්...


ලේ වැගිරූ දෙඅත් තැබූ                                         එකිනෙක
ලේ බිදක් හුරු සෛලයක් නොරැඳි                          මුහුණක
සිනා රැල්ලක් නුපුරුදු කට                                           කනක 
පාටින් සැරසී ඇත හැම බලනා                                     අතක


රූපත් ඡායා ගරුබුහුමන් දෙමින් මහ                             රජට 
ඉන් නොනැවතී ඇසිල්ලක් දුන්                           පුරෝහිතට
එදත් අදත් හෙටත් මේ නොතේරෙන දුක්               විඳිනුන්ට 
ආයෙත් ඇවිල්ලා පෝස්ටර් එළුවොන්ට                     කන්ට


කාගෙත් හිතවතා යැයි ගමේම නම                              රන්දා 
නොහො කෙනෙක් සෙවිය නොහැකිද                      මන්දා 
කිසිත් නොකර දුප්පත් කර පිටින් යන                         හන්දා 
හිස් පොඩිවී බඩ තඩි වුනිද                                           මන්දා


31.01.11

No comments:

Post a Comment