Thursday, February 10, 2011

වීනස්ගේ පෙම්කෙළිය...

වීනස්
නුඹ
ආඩම්බරෙන්
හඳට
ළංවෙවී වෙන්වෙවී
අර අදින්නේ
පෙම්කෙළියකටනම්
පවසන්න නොසඟවා
හඳේ ඉන්නා කියනා
ඔය හවාට
නුඹ
ඉරබටු හෝ පහන්
තරුවක්
නොවන වග...

නැතිනම්
නුඹට
නම දුන්
ඒ ආදර රුසිරු
රෝමන් දෙවඟනගේ
භූත ආත්මය
සැරිසරා
විශ්ව අවකාශයේ
ආලෝක වර්ෂ
දුර ගෙවා විත්
නුඹට
ශාප කරනු නිසැකය... 

10.02.11

No comments:

Post a Comment