Tuesday, May 3, 2011

හරයක් නැති…

කලත්
දහස්
වර්ණනා
මොන
සුවඳක්ද
ඔය
කියනා
සඳුන්…

........................................

චැනල් එක
කොච්චර
ක්ලියර් වුනත්
බලන්න
ඉඳගද්දිම
ඉරි ඉරි…
අපේ
ඇන්ටනත්
හැමදාම
මෙහෙමයි…

........................................

තරු
ගණං කරල
එක පැත්තකින්
තියනකොටම
එකක් යනව
අනික් පැත්තට
ආයෙත් ගණං
වරදිනවා…

........................................

ඉල්ලුමට
සරිලන
සැපයුම
දීලාම
තෙල්
නිධිය
වතුරවෙලා…

........................................

ඵලක් නෑ
වෛරකර
සර්වබලධාරියාට
මා…
ඇණ ගසා
බැඳි
කුරුසියක
එවා
නුඹ
දෙනෙත්
අභියස
මා…
........................................

No comments:

Post a Comment