Friday, April 29, 2011

අරව…

මූඩිය ඇරෙයි වැක්කෙරෙයි
තනුකවෙයි බුබුළු නගයි
වීදුරු ගැටෙයි හිස්වෙයි
ගිනි දැල්වෙයි දුම් පිරෙයි

"සින්දුවක් කියමුද?"
පද පැටලෙයි
දෙබස් වැඩිවෙයි

"අපි නටමුද?"
ස්පීකරය දෙයි
හති වැටෙයි

"අරව නැද්ද?"
වටවෙයි
නිහවෙයි

"නියම බඩුටික"
සාමකාමියි
විතර්කයි

"ස්ලෝ නම්බර් එකක් අල්ලමුද?"
තත් වැයෙයි සිත් කොඳුරයි

2 comments:

  1. :-)))) Exelent...!!!! high speed bcm low speed when the liquid replace with gas....

    ReplyDelete