Tuesday, April 26, 2011

අපේ නුඹේ වරිගය…


වන්නමකට ගජගා
තබමින් පාද රටා
කසුන් වස්ත්රයක් ලා
නටයි නුඹේ වරිගයේ එකෙක්
දොහොත් මුදුන්දී නමදින
අපේ වරිගයේ සලකුණක්
අභිමානයෙන් උසුලා

ගිනි අවියකට ගා
බිලිවෙමින් ඉකි ගසා
සුසුම් කප්පරක් හෙලලා
නැසෙයි නුඹේ වරිගයේ එකෙක්
සරු ඵලින් බරදී පුරවන
අපේ වරිගයේ අස්වැනක්
රුදුරු වෙසකින් වනසා

No comments:

Post a Comment