වෙරළ ඉම රැඳි
පා සලකුණු
බිලි නොවී
රැලි නැගී ගලනා
සුදු පෙණ කැටි අගට
බිය නොවී
හිරු කෙඳි පොරවා
දිලි ක්ෂිතිජ ඉවුරට
මුමුණමින් හිනැහේ
සොයා ඉදිරි මං පෙත...
අවකාශයේ රූ මවා
දෙඩූ බස් එදා අප
නින්නාදයේ ගී රටා
සොයාතව තබා දුක…
ගුලි වෙවී ගොම්මනක
නුඹ හෙලූ කදුළු පොද
සැගවෙවී සිප්පියක
ඉතිරි කර තවත් දුර
තටුසලා ලිහිණියක
රැව්දිදී යදී හඬ
ඇවිද යයි මතකයක
තනිව අද මගේ හිත…
No comments:
Post a Comment