Wednesday, May 4, 2011

උත්ථානයෙන්…


ඝනදුරු වසා
හුස්ම පොද
ගිලිහෙන
උනුන්ගේ
පාප ගිනි නිවා
නැගිටින්නට
යලි පණ ගසා
උත්තේජනයකින්
විජ්ජු රේඛා

දහස් නෙත්
මවිතයෙන්
දෙව් සමිඳු
උත්ථානයෙන්

මිහිකත වා
පහරපිට ගසා
නැසෙන
මිනිස් වරිගයට
යලිත් දෙමුද
පදාර්ථමය ජීවයක්
අපිත් උත්ථානයෙන්

No comments:

Post a Comment