දමමි මා රුවල්
සොයමි ඔය නුවන්…
ගුවන හංඟා කිපුණු දියරැලි
දිරිය වඩවා මා මුව හසරැලි
එළිය ඇතත් නොදකිමි හෙවනැලි
වීනස්ට හඬඟා මගේ සිතුවිලි…
මාලිමාවේ කටු සොයනු
රතු මුහුදේ ඉම දකිනු
සුවස් ඇල දිග ඔහේ පාව එනු
වෙරළ කොනක හිඳ මා පිලිගනු…
නගින්න තුරුළුකර
කරදිය වේරම්භය
දකින්න උතුරු ධ්රැව
ආලෝක කදම්භය…
නොවෙමි
නැවි පිරිමි මම
නොයදිමි
නැංගුරම් ගැහැණි නුඹ...
Lahiru Silva said,
ReplyDeleteදකින්න උතුරු ධ්රැව
ආලෝක කදම්භය…
northern lights....!! ela kiri
NORTHERN LIGHTS!!!
ReplyDeleteone of my dreams.......
අහස් ගැබ සරසන, නුවන් මධු පුරවන, ගත සිසිල් කරවන, උතුරු ධ්‍රැවයක නොනිමි අසිරිය....
ReplyDelete