Friday, November 25, 2011

යෝගී…













මුහුණත් අතර සිරව
මැව්වෙමි හැඩතල
උන් මෙහෙමැයි කියා

දෙබස් අතර මුව අයා
දුටිමි හිත් පැහැයන්
උන් මෙහෙමැයි කියා

ගැවසී ස්පන්දන අතර
වින්ඳෙමි රිද්මයන්
උන් මෙහෙමැයි කියා

තබමි තිත මොහොතකට
එක් තැන කරකැවෙන
වෙහෙසුනු රස්තියාදුවට
සොයා උන් ගැන...

අවකාශය පාමුල මා
මවන්නට හැඩතල
දකින්නට පැහැය
විඳිනු වස් රිද්මය
මම කෙලෙසදැයි කියා

No comments:

Post a Comment