Sunday, December 12, 2010

සම්භාව්ය ගිතාරය (ක්ලැසිකල් ගිටාරය)....













දිවියේ
අරුත
එය යැයි 
සිතූ කලෙක... 
ගීතයකට
රිද්මයක් 
මහත් යැයි
සිතූ කලෙක... 
ගහනවා 
වයනවා
හී වෙනසක්
නොදත් කලෙක… 
පියමැනුවෙමි
සම්පත්
දායකයෙකු වෙත
ඉගෙනුමට
නුඹේ කලාව…..


ඉවසීම
ප්රගුණ කෙරුවෙමි
පෑ දින මාස
කාල වකවානු දිග…
හෙමින් ගමනකි
ඉගනීම
නුඹේ කලාව…..

අදෝනාවකි
දුක්මුසුය
රෝමාන්තිකය
ලයාන්විතය
විටක නුඹ …..

කලාවකි නුඹ
පිරික්සියහැකි
මා තුලින්
ඉවත විත් මම...
ගවේෂණය
කලහැකි
සමාජ විද්යාවම…
විනිවිද
දැකිය හැකි
ස්වභාව සෞන්දර්යයම…..

නොදනන්
පිලිනොගත්තද
ගැඹුරුය
එතරම්ම නුඹ…
මාගේ
මේ විපර්යාසයට
වග කිවයුත්තාද
නුඹමය…..

ගතෙමි
නුඹ
මාගේ
අමුද්‍රව්ය වෙත…
යෙදීමට
ප්‍රකාශන
මාද්යයක් ලෙස…
දීමට යමක්
සමාජයට
මතු දිනක…..

පතමි
මා
ලැබේ යැයි
කාල අවකාශය
ගසන්නට
රස්තියාදුව
සමග
නුඹේ කලාව…..

13.12.10

2 comments:

  1. ඇත්තටම සඳුවා...................උපරිමයි........කොහොමත් කාල අවකාශයේ මට හම්බ උනු නියම රස්තියාදු කාරයෙක් උඹ................

    ReplyDelete
  2. බොහොම ස්තුතියි ප්‍රවීන උඹේ ප්‍රතිචාරයට....
    අවකාශයේ රස්තියාදුව එසේම තිබේවි....
    කිසිම තරකයක් නැත...

    ReplyDelete