Wednesday, December 22, 2010

ද්වී කලා හැසුරුම…

 









මව් උරුමයෙන්
තෙලි තුඩ රැගුම…
පිය උරුමයෙන්
සත්සර වැයුම…
ලැබුවෙමි
මා
ද්වී කලා
හැසුරුම…..


සිතමි
මෙය යැයි
ලොව ඇති
කුල්මත් වින්දනය…
අහිංසක
ආඩම්බරයකි
සිත තුල
නලියන…..


පතමි
උදාවේයැයි
දිනක

කාල අවකාශය…
දීමට
සංගීතමය
ප්‍රකාශනයක්
පින්තාරුවකට
නිමැවූ මා අතින්ම…..


22.12.10



No comments:

Post a Comment