Monday, December 6, 2010

චාන්දනී නැන්දා(අම්මා)…..

මවකට නොහැකිය
නලවන්නට
ඇය මෙන්
කදුලු සලනා
කිරි කැටිත්තන්…

මිටිකර
කවා ඇත බත් ගුලි
කුස පිරෙන්නට
ඇති දැන් කියන්නට
නැහැ තැබුවේ
ඇය ඉඩක්…

නහවා ඇත
ඇගෙ දෑතින්
කිලිටි වුනු
ගත
නැවුම් කරවම්…

ලේ කිරි කරන්නට
මේ බවයේ වරම්
නොලදත්
මතු උපදිනු ඇත
දරු දහසකට
අම්මා වම්...

06.12.10

No comments:

Post a Comment