Monday, November 22, 2010

සිතුවිලි සුදු පෙන කැටි අගට

ගුප්තව අදුර
හෝ හඩ මුසු රාත්රියක
තරු කැට අගින්
එලි දිලෙනා නිමේශයක
ජල මැද වාරු උනෙමි....

නිමක් නොදැනුනෙමි
දෑස මානයක
නෙක හඩවල්
සවන් වැකුනේ
නව රිද්මයකට
මන් විවර කොට....

සීතල මැදින්
උදාවනතුරු හිරු
බලා සිටියෙමි
සිතුවිලි පොදි බැද
නැවුම් දිනයක
පන පොවන්නට….

ඇවිද ගියෙමි වැලි තලයක
ඈත ක්ශිතිජය දෙස බලා
සිතුවිලි කැටිකර
මුදා හැලුවෙමි
සුදු පෙන කැටි අගට
සෙමින් ගැටෙනා…

27.11.10

1 comment:

  1. ආහ්හ්...........වෙරල කොනක තනිවී..................

    ReplyDelete