Wednesday, November 3, 2010

පදාර්ථයේ සිසිලස

මුදා හල
වැහි බිදුවක
සගවා එවූ
සිසිලස
හැකිනම්
විදින්නට…

තෙමෙන්නෙමි
නවතිනා තුරු
නිදහස් අවකාශයක
තනිවම දෑත් විහිදා…

ක්ෂිතිජ ඉමේ
පාවෙනා
අඩ කව දේදුන්නේ
සත් වර්ණයට
දෑස් ලංකර…

දෙන්නෙමි
හදට ඉඩක්
සොයා යන්නට
සෙවූ ඒ
පදාර්ථයේ සිසිලස…

03.11.10

No comments:

Post a Comment