Monday, February 21, 2011

වින්නැහියක්...

වැලපෙයි හයා
සොයා කිරි රහකට
තන බුරුල්ලක්

විවේකෙන් කඹය
අහිමිව බැඳි
කර පටියක්

දෙනෙත් අයා
තළු මැරුමට සැරසී
තණ පිඩැල්ලක්

කොක්කෙන් ඉසිලී
ලෙයින් දිලිසී
ගාත් අණ්ඩක්

No comments:

Post a Comment