Sunday, February 13, 2011

සුල්තාන් විනිමය...

කරගැට දෑතක
දහදිය කතරක
සුල්තාන් විනිමය
අප හෙළ දීපයට...

උණුහුමට
ගිලිහුන
ඉකිගසා
දරු පඩිපෙළ...

සින්නවන කාසිය
සොපීගේ මත් උගුරට
විනීගේ තුරඟ කොමිසමට...

කම් නැත
අත්තිවාරම
වේ හුඹසට
සුල්තාන් විනිමය
අප හෙළ දීපයට... 

No comments:

Post a Comment