Friday, June 3, 2011

අවිධිමත් මිනිස් වෙසින්…


කාත් කවුරුවත් නොමැති
අනාථ අවිධිමත් මිනිසෙකුව
පියවර ගැලපුනිනම්
ස්ථීර මගක නොව
අස්ථීර දෙවටක

වගකීම් උතුකම්
අඩක් පසෙකලා
හිසට බරක්වන
කාසියෙන්ම මිදී

සාපේක්ෂ නිදහස් ආත්මයකි මම
ලැව් ගිනි හඹා සුරුට්ටු දල්වන...

අයාලේ ඔහේ යන කීර දියෙන් බේරා
ඇල්ලක ගල් ගුහාවක ජල බිඳු ස්වර රටා
විටක වනගතව ලා දළු පැහැය සොරා
නිමක් නැති වේරම්භ සයුරක මායිම බලා
මනස් උත්තේජනයක හීනය නවා

මාපියන් නැත
ගුරුහරුව නැත
මිතුරනුත් නැත
එහෙමත් ඵලක් නැත
 

No comments:

Post a Comment