Sunday, June 5, 2011

මමම…


මම සොයමි
රක්ත ධ්යහනක
වැලි කැට අතර මා
හිමිදිරි උදෑසනක
ලා තණ පිඩලි අතර මා
විදුලි විසන්ධි රැයක
පහන් දැලි අතර මා
මම සොයමි
විටක යාන්තමින්
හමුවෙමි
විශ්වයම මමම වේ

----------------------------------------

රුදුරු තනිකමක
තත් අතර
ඇගිලි තුඩු
පියමනියි
දුර ඈත
සිටක විත්
මම මා බලා
අතවනා
ඉවත යයි
අතවනා
ක්ෂිතිජ ඉම
යලි වයමි
ස්වර පෙළම
දකින තුරු මමම 


No comments:

Post a Comment