Saturday, October 1, 2011

රන් පත…

රන් පතක් අවුලන්න ගිනිකූර දිලිහුනා
දෙතොල්මත උඩුකුරුව දැල්ල උඩ ලංකලා
හුස්ම පිඩ ගිල ගන්න පුළිඟු එළි දැල්වුනා
නුඹේ හද දැවී ගිය සිත්තමක් මතුවුනා

රන්පතකින් කෙලෙස ජිවිතයක් අවුලනුද?
දෙතොලකින් කෙලෙස හාදුවක් බිළිගනුද?
හුස්මකින් කෙලෙස ආත්මය අමතනුද?
නුඹේ හද කෙලෙස සිසිලසින් පිනවනුද?...

ආත්මයෙ කවුළු පියන් අඩවන්ය වැසී නැත
මාවතක් අවැසි වුව නොයදින්නේ මන්ද?
පැති වතෙන් එය දිස්ව හොරැහින්ම මවනු මැන
සිහිවටනය ඇතිව සදාකල් හිදිනු මැන...

සිරකර සංකා ඈත කඳු ශිඛරයක
ඇවිද යමු ශුන්‍යයට විඳිනු වස් එහි සුවය
උතුරු ධ්‍රැව සිත්තමක් දකිමු අප මතු දිනක
දේදුන්න දෙස බලා විදිමු අප එහි මැවුම...

රන් පත නිමවේ
හුස්ම බිදුර අළුවේ

No comments:

Post a Comment