කාලය ගලා ගිය
ගං තෙර දිගේ
පිය මනිනු
හැකිනම් ආපසු
බැස ගිය
දිය ඇළි මතින්…
හරවනු හැකිනම්
දියබිඳ
මොහොතකට
නවතා සුළි
ඔබේ රුව මතින්
යලිත් රූටා
සිසිල්කර හරිනු
මොහොතකට නිවා
හිත් රැඳි සංකා
පාකර සඟවා
කාටවත් නොපෙනෙනා
ඉසව්වක රැඳි
ගල් කුළු මතින්…
අමතකකර
අතීත මතක
දිය සීරාවම
සිඳුවා ඉරිනොතලා…
පියෙකුට දියණියක්ව
පුරුෂයෙකුට ස්ත්රි යක්ව
පුතෙකුට මවක්ව
ගැහැණිය නුඹට
හැම ගැහැටක්ම…
රැල්ලකම ගමනක්ම
නුඹ යාවි මාවතේ
සංසාර සෙවණැල්ල
මග තාම වීදියේ
ආලෝක ධාරාව
නුඹ උන්නු රික්තයේ
දෑත් වෙර දරා අප
නලවන්න ජීවිතේ…
පෝයට මල් තෙල්
පහන් වැඳ
දැහැමිය ආගමට හිතැතිය..
ඉරුදින නොවරදියි
සුරුවම පාමුල යැද
පව් සමාකල…
ජාතියට ලැදිය
දේශහිතෛෂීයි උන්
සිංහ ධජයට බුහුමන…
ගැබිණි මව් දුටු
අසුන් ගත් මගී නෙත්
විඩාබර සුව නින්දක…