Wednesday, July 27, 2011

අතීත මතක දිය සීරාව…














කාලය ගලා ගිය
ගං තෙර දිගේ
පිය මනිනු
හැකිනම් ආපසු
බැස ගිය
දිය ඇළි මතින්…
හරවනු හැකිනම්
දියබි
මොහොතකට
නවතා සුළි
ඔබේ රුව මතින්
යලිත් රූටා
සිසිල්කර හරිනු
මොහොතකට නිවා
හිත් රැඳි සංකා
පාකර වා
කාටවත් නොපෙනෙනා
ඉසව්වක රැඳි
ගල් කුළු මතින්…
අමතකකර
අතීත මතක
දිය සීරාවම
සිඳුවා ඉරිනොතලා…

No comments:

Post a Comment