Saturday, September 3, 2011

ඒ සැපම පිංවත...














උත්තල ජල බික්
චරිත මවා
තිර පිටපතක
පොහෝ දින
නාටකයක...

බණ දෙසන හිමි නමක්
අසා සිටි සිල්වතින්
මියෙන්නට යදම් දැමු
තොණ්ඩුවට බිළි නොවු
සිර බිමක පාප කැල...

ඔබ හමුවී ඔබට
ඔබ සමුදී ඔබට
යලි යලිත් හමුවී
යලි යලිත් සමුදී
පිංවත...

මරණය සැපකි
ජීවිතයම
දුක්වි
සැනසේ හමුවී
ඒ සැපම
පිංවත...

පාපකරු
නොවේ නුඹ
ලියැවී ඇති
ඒ සැපම
මතුදින ලබන්නට
ඒ සැපම පිංවත... 

No comments:

Post a Comment