Sunday, September 4, 2011

හුදකලා තත්…













වයන්නට වන්නමක්
ගිතාරයේ තත් අතර
ඟිලිතුඩු පියමනියි
අනුරාගයේ බැල්ම
අක්බඹරු කෙහෙරැල්ල
ස්වර නඳින් ගුවන්ගත
දෙපතුලම රිදවයිද
වේදිකාවේ පතුල

දෑඟිලි ද දමා
සරල අනුවර්තී චලිත
දණහිසින් වැලමිටින්
මවා හැඩ සේයාව
ෆ්ලැමෙංකෝ නළනන්
තබා කොන ගැලරියක
මියෙනතුරු රන්නට
අවසරයි මා පස
 

No comments:

Post a Comment