Saturday, September 10, 2011

උඩුගං බලා…


උඩුගං බලා වරල් සලා
හමුවී අතර මැද
සැඩ දියවැල්
අතර තෙරපි
විටක ඇදහැලි
ගල් තලා දිගේ
කෙකටි මල්
පෙමින් හල
දැල් මැද සිරව
උඩඟුව ලැසි ආරක
නිදැල්ලේ පාවෙන උන්
වසයෙන් සතුටුව

සොයා යමි
ලැබෙනතුරු දිනක
කිඳුරිය නොවන
මින් එකියක
යන්නට කැටුව පීනා
දියකඩ මූලයේ
දිය සීරාවම සොයා
උඩුගං බලා වරල් සලා….

No comments:

Post a Comment