Sunday, September 11, 2011

පැතිකඩ…

අන්තරාය අහිමි පදවැලක
කෙලෙස හෝ ලියමි
මගේ තානම
මූලිකය අහිමි සායමක
කෙලෙස හෝ නගමි
මගේ සිත්තම
මධ්‍ය ස අහිමි තත්සයක
කෙලෙස හෝ වයමි
මගේ රිද්මය
කල අවකාශයේ රස්තියදුවක
කෙලෙස හෝ දකිමි
මගේ පැතිකඩ

No comments:

Post a Comment