Saturday, October 15, 2011

සිකුරුටි පැතුම…


ලියුවත්
උපමා කව්
මඩල වන්
නුඹෙ වත මඩල

හොදහැටි හුරුයි
මඩල
නුදුටිමි කලකින්
නුඹෙ වත
එක්ම රැයක

පුන් පෝ
වන්
බුදු රැස්
නොගියෙමි
කලකින්
පුදනට මල්

කෙලස හෝ
පතමි විරාමයක්
එන පෝදා
යන්නට කැටුව
නුඹේ වත
 
සරසනු රිසියෙන්
කප්තෙල් පහන් රැලි
ඇසතු රුක පාමුල
විඳිනට කෙලෙස හෝ
ගලපනු වස්
මඩල වන්
නුඹේ වත මඩල

Tuesday, October 11, 2011

තනිකම…














ගා වැලපෙති
ලියා පිටු ගනං
ගයා පද දහසක්
ලිහුණු බැඳි බැමි
පැටලී රිදුම් දුන්
රුදුරු තනිකමක්

නොව
මෙවන් නිදහසක්
සක්වල කොනක
වගකීම පසක්
තනිකමම සැපක්

කාලය බැ හීයක
ආත්මීය දුන්නක සිරකර
අතහැර බලා සිටිමි
නවතින තුරු සීමාවක
තබන තුරු විරාමයක්...

කාන්සිය
ගැටගා පහුරක
පාකර හරිමි
තෙරක සොයා
සරු බිම් ඉවුරක...

ඉසිනෙමි වැඩුමට
අහස උසට
මායා බෝංචි වැලක්
සොයා
රන් බිජු හෙලන
ලිහිණියක්
නොව කිකිළියක්...

Sunday, October 2, 2011

දළු…


නිල්වන්
ගුවන්ගැබ
වෙහෙසී
සොයා
කහවන්
සියොත්
සිනිඳු
පියාපත
මවනු
වස්
හරිත
ලා
දළු
කෙක්
හෝරාවේ
උතුම්ම
සංකලනය
එයමනම්….

Saturday, October 1, 2011

රන් පත…

රන් පතක් අවුලන්න ගිනිකූර දිලිහුනා
දෙතොල්මත උඩුකුරුව දැල්ල උඩ ලංකලා
හුස්ම පිඩ ගිල ගන්න පුළිඟු එළි දැල්වුනා
නුඹේ හද දැවී ගිය සිත්තමක් මතුවුනා

රන්පතකින් කෙලෙස ජිවිතයක් අවුලනුද?
දෙතොලකින් කෙලෙස හාදුවක් බිළිගනුද?
හුස්මකින් කෙලෙස ආත්මය අමතනුද?
නුඹේ හද කෙලෙස සිසිලසින් පිනවනුද?...

ආත්මයෙ කවුළු පියන් අඩවන්ය වැසී නැත
මාවතක් අවැසි වුව නොයදින්නේ මන්ද?
පැති වතෙන් එය දිස්ව හොරැහින්ම මවනු මැන
සිහිවටනය ඇතිව සදාකල් හිදිනු මැන...

සිරකර සංකා ඈත කඳු ශිඛරයක
ඇවිද යමු ශුන්‍යයට විඳිනු වස් එහි සුවය
උතුරු ධ්‍රැව සිත්තමක් දකිමු අප මතු දිනක
දේදුන්න දෙස බලා විදිමු අප එහි මැවුම...

රන් පත නිමවේ
හුස්ම බිදුර අළුවේ