Saturday, October 16, 2010

සැකයකි…

දිවියේ…
පහස සැමවිට සොයනා
විඩාබර මිනිසුනේ…

ඇතිද…
අද ඔබ සිටිනා තැන
නැත…
ඔබ තෘප්තිමත්…

එහෙත්…
කුමක්ද? ඔබ පරමාර්ථය
පැතුමකි…
ජීවන අස්වැන්නේ සරු බව…

කමක් නැත…
කෙසේද වපුරන්නේ ඒ
නෙලන්නට…
රුපියල් ශත පොදි පිටින්…

හැකිද…
සෑහීමට පත්විය
අද…
ඔබ අතැති නෝට්ටු පොදියෙන්…

නැත…
ඔබ කිසිදින තෘප්තිමත්
සොයයි…
තවත් ඒ ඇත්නම්…

මිනිස්කම…
නැහැ වැඩක්
මඟක්…
කන්දේ තවත් මුදුනට…

විඳියිද…
ඔබේ දිවිය
ගතකරනා…
ඒ ඒ මොහොතේ…

නැත…
ඔබ පසු කරයි
නොවිඳ…
ඔබේ රසවත් දිවිය…

සැකයකි…
මට මා ගැනම
අසුවේදැයි
මාත් ඔබේම කුලකයට…

16.10.10

No comments:

Post a Comment