චුම්බනයෙන්
දෙතොල් නොතෙමි
කාල අවකාශයක...
පාමුල පියස්ස
සීමාමාලකයේ
ගොම්මන් අදුරක...
අවර දිලෙනා
රත්
හෙවනැලි...
නොනිමි හමනා
ඇසතු
නලරැලි...
හුස්ම මවනා
සඳුන්
දුම් රැලි...
පුළිඟු දිදුලා
කප් තෙල්
පහන් රැලි...
උරයේ හිඳුවා
ඇගෙ
රන්
කෙහෙරැලි...
සිඳිනු
හැකිනම්
රාග
ගිනිරැලි...
04.02.11
.,
ReplyDeleteසිඳින්න සිඳින්න...
නොනසා රාග සිතුවිලි...
ලොව සුන්දරම
ප්‍රකෘතිය
එයම වේ නම්...
ජීවයේ මූලය එය නම්...
ජීවයේ මූලය නියතවම රාගයයි...
ReplyDeleteප්‍රේමය සැමදාකම එහි අතරමැදියයි...